ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්..

ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්..

by Staff writer 25-02-2025 | 6:20 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (25) පැවැත්විය.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබද සාකච්ඡා කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

එම හමුවට, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ,ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ,යුද  හමුදාපති ලුතිනන් ජනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් ඇතුළු යුද  හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක් සිටියහ.