.webp)
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දුන්නේ ඔවුන්ට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවයි.
මේ අනුව තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි, ඔවුන් කියා සිටියේ ය.
ඝාතනය සිදු කළ වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුම හරහා ඉෂාරා ප්‍රධාන සැකකාරිය ඇයගේ බාල සොහොයුරාට කෙටි පණිවිඩ සහ ඇමතුම් යවා ඇතැයි, කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.
විමර්ශන නිලධාරීන් කියා සිටියේ " උසාවිය ළඟදී සංජීවට ගහනවා" යනුවෙන් එක් පණිවිඩයක් තිබූ බවයි.
ඉකුත් 19 වැනිදා ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු "වැඩේ ඉවරයි " යනුවෙන් තවත් කෙටි පණිවිඩයක් මැසෙන්ජර් හරහා යවා තිබූ බවද, ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදුකර තිබෙන්නේ, අත්අඩංගුවට ගෙන තිබෙන මවගේ බැංකු ගිණුම හරහායි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් පැය 24 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නේ ය.