ජනපතිගේ මාධ්‍ය කටයුතුවලට අදාළව නව පත්වීම් 3 ක්...

ජනපතිගේ මාධ්‍ය කටයුතුවලට අදාළව නව පත්වීම් 3 ක්...

by Staff Writer . 24-02-2025 | 10:02 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සිය මාධ්‍ය කටයුතුවලට අදාළව  නව පත්වීම් 3 ක් සිදු කර තිබේ.

ඒ අනුව ප්‍රසන්න පෙරේරා මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත.

චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර ඇත්තේ, ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙසයි.

ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර තිබේ.