වතිකානයෙන් නිවේදනයක්..

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ තත්ත්වය අසාධ්‍ය බව, වතිකානය නිවේදනය කරයි...

by Staff writer 23-02-2025 | 7:42 AM

COLOMBO (News 1st) - ශුද්ධොත්තම ෆැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි.

පසුගිය 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.

අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊට අමතරව රුධිර පාරවිලන ක්‍රියාවලිය ද සිදුවේ.

වයස අවුරුදු 21 දී පෙනහළු ආබාධයකට ගොදුරුවීමත් සමග ශුද්ධෝත්තම පියතුමන්ට වරින් වර ශ්වසන අපහසුතා ඇති විය.

අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව, වතිකානය පවසයි.

මේ වන විට ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වයස, අවුරුදු 88 ක්.