ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිිරිසක් අත්අඩංගුවට..

by Staff writer 23-02-2025 | 7:33 AM

COLOMBO (News 1st) - මෙරට මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව ඊයේ (22) රාත්‍රියේ මන්නාරම මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

ඔවුන් පැමිණි බෝට්ටු 5 ක් ද, නාවික හමුදා භාරයට ගැනිණි.

ඔවුන් තලෙයිමන්නාරම ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.