.webp)
ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී යි.
කාරක සභාවල විපක්ෂයේ සංයුතිය වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබිණි.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය, සභානායකවරයා, කතානායකවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
ලිපිය ද, කාරක සභාව වෙත ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ ය.