.webp)
එම අලි පැටවාගේ වයස, අවුරුදු 3 ක්.
ඒ අනුව අනතුරින් මියගිය වන අලි සංඛ්‍යාව, 7 ක් දක්වා ඉහළ ගියේ ය.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ එම වන අලි රංචුව ගැටී තිබුණේ, මීනගයා දුම්රියේයී.
මේ අතර නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, වනජීවී සහ දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු පිරිසක් අද (22) අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළේ ය.
අනතුරුව ඔවුන්ගේ සහභාගිත්වයෙන් වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණේ, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී යි.
එවැනි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව, එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීම සඳහා කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා වී ඇති බවයි.
කෙටිකාලීන විසඳුම් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව ද, ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව දුම්රියේ වන අලි ගැටෙන කලාපයේ දුම්රිය මාර්ග දෙපස එළිපෙහෙළි කිරීම, දුම්රිය එන්ජිම අතිරේක බල්බයක් යොදා වන අලි හොඳින් නිරීක්ෂණය වන පරිදි දුම්රිය ධාවනයට පහසුකම් සැළසීමට නියමිතයි.
ඊට අමතරව ගම්වාසීන් දැනුවත් කර, දුම්රිය මාර්ග අසළ වන අලි ගැවසෙන වේලාවන් පිළිබඳ ළඟම ඇති දුම්රිය ස්ථානය දැනුවත් කිරීම සඳහා ද, කටයුතු සම්පාදනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.