මිද්දෙණිය ඝාතන සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර...

by Staff writer 22-02-2025 | 8:07 PM

COLOMBO (News 1st) - මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

ඒ, ඔවුන් අද (22) වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

වෙඩි තබා ඝාතනය කළ අරුණ විදානගමගේ මහතා සහ දරුවන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ වීරකැටිය මැදමුලන පොදු සුසාන භූමියේදී.