.webp)
ඒ, සැකකරුවන් අද (22) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ සැකකරු කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර සහ සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු වන හසිත රොෂාන් යන සැකකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ද, පොලීසිය අද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5 කි.