අනිද්දා සිට පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අනිද්දා සිට පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 22-02-2025 | 7:50 AM

COLOMBO (News 1st) -

අනිද්දා සිට උතුරු , උතුරුමැද , නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල , මාතර , කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකියි.