Innovation Island Summit Sri Lanka සමුළුව අදත්..

Innovation Island Summit Sri Lanka ජාත්‍යන්තර සමුළුව අද දෙවැනි දිනටත්..

by Staff writer 21-02-2025 | 7:16 AM

COLOMBO (News 1st) -

ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගී වන Innovation Island Summit Sri Lanka ජාත්‍යන්තර සමුළුව අද(21) දෙවැනි දිනටත් කොළඹදී පැවැත්වෙයි.

අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද සමුළුව ඇමතීමට නියමිතයි.

සමුළුව සංවිධානය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කෙන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් ය.

රටවල් 50 ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ විශේෂඥයින් ඊට සහභාගි වී සිටී.

මේ තුළින් ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙනු ඇති.

ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනයේ පියා ලෙස සැලකෙන ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් මහතා සමුළුවේ විශේෂ දේශනයක් ඊයේ පැවැත්වූවේ ය.

සමුළුවේ ප්‍රධාන දේශනය ඊයේ පවත්වනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.