Innovation Island Summit Sri Lanka සමුළුව අද ඇරඹේ

Innovation Island Summit Sri Lanka ජාත්‍යන්තර සමුළුව අද කොළඹදී ඇරඹෙයි

by Staff writer 20-02-2025 | 7:16 AM

COLOMBO (News 1st) - ලෝකයේ රටවල් 50ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් වන ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුව අද(20) කොළඹදී ආරම්භ වේ.

එහි ප්‍රධාන දෙසුම පවත්වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

සමුළුව සංවිධානය කරන්නේ, ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණිනි.

ඒ සඳහා රටවල් 50ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඉහළපෙළේ විශේෂඥයින් සහභාගි වීමට නියමිතයි.

ඒ හරහා ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් ඉස්මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙනු ඇති.

ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනයේ පියා ලෙස සැළකෙන ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් මහතා අද සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුව අද සහ හෙට පැවැත්වේ.