ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 20-02-2025 | 11:25 AM

COLOMBO (News1st) - ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 82 කි.

1942 වසරේ මාර්තු 22 වැනි දා ඇගේ උපත සිදුවෙන්නේ, කොළඹ කිරුළපනදීයී.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය, ගුරුවරියක ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට ගෝලයින් රැසක් දායාද කළා ය.

කන්ඳ උඩින්, සෙංකඩගල දළඳා බුදු රැස්, කන්ඳෙන් කන්දට ලන්දෙන් ලන්ඳට ඇතුළු ගීත  රැසක් ඇය මෙරට ගීත ක්ෂේත්‍රයට දායාද කර තිබේ.