.webp)
දින දෙකක් පුරා, ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන මේ දැවැන්ත ජාත්‍යන්තර සමුළුවේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කෙන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් ය.
රටවල් 50 ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විවිධ ක්ෂේත්රවල ඉහළ පෙළේ විශේෂඥයින් ඊට සහභාගි වෙමින් සිටී.
සමුළුව ආරම්භ වුණේ ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනයේ පියා ලෙස සැලකෙන ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් , ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති සමීර් සරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා , කැපිටල් මහරාජා සමූහයේ සභාපති සශී රාජමහේන්ද්‍රන් , සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියල්, මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.
ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙන, නවෝත්පාදනය සඳහාම වෙන්වූ මෙවැනි සමුළුවක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.
සන්තෝෂ් ජා - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්
'' ශ්‍රී ලංකාව තුළ දැන් ඉතා වෙනසක් සිදුවිය හැකි ස්ථානයකට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණ දෙකෙහිම ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන් නව ප්රකාශනයක් සිදු කරනවා කියලා ඉතාමත් පැහැදිලි වෙනවා. COVID වසංගතය සහ ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය බොහෝ දෙනෙක්, සහ බොහෝ පරම්පරා ලංකාවේ සිදු විය යුතු පරිවර්තනයක් පිළිබඳව අවධාරණය කරලා තියනවා. මෙම සමුළුවේ තේමා තුන දිහා බැලුවොත්, නිල්, කොළ සහ ක්‍රෝම් ශ්‍රී ලංකාවට ඒ පරිවර්තනය සඳහා යන ගමනට ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ, ජලයෙන් වට වූ දූපතක් බැවින් නිල් යනු පැහැදිලි තේරීමක්. ශ්‍රී ලංකාව දූපත් රටක් විදිහට හදුන්වනවා. ඉතින්, විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි බැවින් හරිත වර්ණයද සුදුසුයි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ආසියානු කලාපයට අපනයනය කිරීම ඇතුළුව හරිත බලශක්තිය සඳහා පොහොසත් විභවයකින් යුතු රටක් වීමත් ආශිර්වාදයක් විදිහට දකින්න පුළුවන්. මධ්‍යස්ථ මට්ටමේ ආදායම් ලබන රටවලට ඔවුන්ගේ මුල්බැසගත් අකාර්යක්ෂමතාවයන් අභිබවා යාමට, ඩිජිටල්කරණය නව මුදල් ඒකකය වී ඇති නිසා දැන් හැමදේම පහසුයි. ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කරන්නේ අසල්වැසියා ප්රමුඛ කර ගත් සහ සාගර් ප්‍රතිපත්තිය මුල් කර ගනිමින්. අද, අපගේ සබඳතා වෙන කවරදාකටත් වඩා හොඳ පුළුල් පරාසයක පැතිරි යනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සම්බන්ධතා, බලශක්තිය සහ ඩිජිටල්කරණය අපගේ හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණු තුන ලෙස හදුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, වරාය සහ ගුවන්තොටුපළ, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාවයට අමතරව අපි ඉතා වැදගත් වෙනත් අංශවල ද මේ වන විට නිරත වෙලා සිටීම සතුටට කරුණක් බව කියන්න ඕනේ''
ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් මහතා අද සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වූවේ ය.
අනතුරුව ඔහු ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති සමීර් සරන් මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය.
සමීර් සරන් - සභාපති ඔබ්සර්වර් පර්යේෂණ පදනම
''කාන්ට් මහත්මයා ඔබට සංචාරක ක්ශේත්‍රය සම්බන්ධයෙන් දිගු සබඳතාවක් තියනවා. ඔබ සැළකෙන්නේ ඉන්දියාව සන්නාමයක් බවට පත් කරපු කෙනා විදිහට. විශ්මය දනවන ඉන්දියාව කේරලය දෙවියන්ගේ රට කියන සන්නාමය හදපු කෙනා විදිහට. ඔබ පරිසරයට වගේම භූ විශමතාවයන් ඇලුම් කරන්නෙක්. ඇත්තටම ඔබ කොහොමද මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නේ. මිනිස්සුන්ව ගෙන්ව ගන්නේ. ඔබ දැන් අසුන්ගෙන ඉන්නේ සංචාරකයන්ගේ සුරලෝකයක් විදිහට හැඩ ගැහුණු රටක. මගේ විශ්වාසය හැටියට මෙවර මෙහි සංචාරක සමය බොහොම සරු එකක් වුණා. මේ වසරේ සංචාරක වාර කිහිපයම සාර්ථකයි. මේක මාස 07 ක් 08ක් පුරා දිව යන සංචාරක දිශාන්තයක් ඇති රටක්. අපිට මොනවාද ශ්‍රී ලංකාවෙන් උගත හැක්කේ. ඒ වගේම ශ්‍රී ලංකාවට අපෙන් ගන්න පුළුවන් අත්දැකීම සංචාරක ක්ශේත්‍රයට අදාලව. ඔබට සංචාරක ක්ශේත්‍රය පිළිබඳ දැක්මක් තියෙනවා. ඒක කොහොමද වැදගත් වෙන්නේ. අපි කොහොමද ඒක තිරසර කරගන්නේ. ඒක කොහොමද වැඩියෙන් වියදම් කරන පාරිභෝගිකයෝ ආකර්ෂණය කරවගන්න යොදා ගන්නේ?''
අමිතාබ් කාන්ට්- ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ
‘’මුලින්ම මට කියන්න ඕනි ශ්‍රී ලංකාව වගේ නිෂ්පාදනයක් තවත් නැහැ. ලෝකයේ සංචාරක දිශාන්තීන් කිහිපයයි තියන්නේ මුහුදු වෙරළවල් තියන, වනෝද්‍යාන තියෙන, සංස්කෘතියක් තියෙන, ගෘහ නිර්මාණ ශිල්පයන් තිබෙන, ඉතිහාසයත් තිබෙන හා දියඇලි ජලාශ තිබෙන. මේ ඔක්කොම එකට එකතුවෙලා. ඒ වගේම ආහාර සූප ශාස්ත්‍ර සංස්කෘතිය මේ ඔක්කොම තියනවා. ශ්‍රී ලංකාව වගේ නිෂ්පාදනයක් ලොක්යේ සංචාරක දිශාන්තීන් අතර ඇත්තේ නෑ. මන් දකින විදිහට ශ්‍රී ලංකාව මුදල් ජාලයට එකතු වෙන්න ඔනී. සංචාරක දිශාන්තීන් විදිහට මම කියන්නේ මෙහි ගෙවන එක් රාත්‍රියක් වෙනුවෙන් ඩොලර් 600 - 700 අතර ගානකට වඩා අඩුවෙන් විකුණලා හරියන්නැ. අපි විකුණන්නනේ ඉන්නේ. අපි සංචාරක දිශාන්තීන් රටකජු වලට වික්කොත් අපිට වඳුරො හම්බෙන්නේ. අඩුවට වික්කම ඒකයි වෙන්නේ. මට තේරේන විදිහට ශ්‍රී ලංකාව කේරළයටත් වඩා හොඳයි. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය ජීවන දර්ශකයේ භෞතික තත්වය සහ ස්භාහව සෞන්දර්ය කේරළයට වඩා 10ගුණයක් හොඳයි''
කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියල් මහතාද සමුළුව ඇමතුවා.
ශෙවාන් ඩැනියල් - සමූහ අධ්යක්ෂ කැපිටල් මහරාජා සමූහය
''අවසානයේදී වැදගත් වෙන්නේ අදහස්. මම විශ්වාස කරන විදිහට වික්ටර් හියුගෝ කලකට ඉහතදී ප්‍රකාශයක් කර තිබුණා යම් කිසි අදහසක කාලය පැමිණි විට එහි බලය මැඩපවත්වන්න මේ ලෝකයේ කිසිම හමුදාවකට නොහැකි බව. මේ අවස්ථාවේදී මට දැනෙනවා අපි මේ හදන්නේ අලුත් ලෝකයක්. අපේ කාලය පැමිණ තිබෙනවා. කාන්ට් මහත්මයාණෙනි අපිට ඔබ ගැන ආඩම්බරයි. මම ඒකට හේතුව කියන්නම්. ගෝලීය දකුණ ලෙස අපි හැමෝම ඔබ ගැන ආඩම්බර වෙන්නේ ඔබ අදහස් වලින් පිරුණු නායකයෙක් නිසා. ඔබ ලෝකයේ අනෙක් නායකයින් සමග උරෙන් උර සිටගෙන ලෝකයේ තත්ත්වය ඒ ආකාරයෙන්ම ඔවුන්ට කියා දෙන කෙනෙක්''
ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුව හෙටත් පැවැත්වෙයි''