.webp)
ලකුණු 321ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 260ක් පමණයි.
කාසියේ වාසිය හිමිකර ගත් පකිස්ථාන නායක මොහොමඩ් රිස්වාන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්තයේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 73කදී.
ආරම්භක පිතිකරු විල් යංග් සමග එක් වූ ටොම් ලේතම් සිව්වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් එක් කළේ ය.
විල් යංග් අද රැස් කළේ සිව්වැනි එක් දින ශතකයයි.
ටොම් ලේතම් 8 වැනි එක් දින ශතකය අද රැස් කිරීමට සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයෙදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 320ක්.
සෞද් ශකීල් සහ බාබර් අසාම් ලකුණු 321ක දැවැන්ත ඉලක්කයකින් පකිස්ථාන ඉනිම ආරම්භ කළේ ය.
නවසීලන්ත පන්දු යවන්නන් එල්ල කළ පීඩනය හමුවේ ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 128කදී.
තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි එම්. ටී. වී. මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.