නීතිඥ රජිව් අමරසූරිය නීතිඥ සංගමයේ සභපති ධුරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස නීතිඥ රජිව් අමරසූරිය තේරී පත්වෙයි..

by Staff writer 19-02-2025 | 9:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපති ලෙස නීතිඥ රජිව් අමරසූරිය මහතා තේරී පත්ව තිබේ.

ඒ අද (19) පැවති නිල වරණයේ ඡන්ද ප්‍රතිඵල අනුවයි.

නීතිඥ සංගමයේ නිල වරණයෙන් රජිව් අමරසූරිය මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,497 ක්.

නිලවරණයට තරග කළ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 1,610 ක් පමණයි.