මාලදිවයින් විදේශ කටයුතු ඇමති මෙරටට

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

by Staff writer 19-02-2025 | 4:08 PM

COLOMBO (News1st) - මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ඔහු අගමැතිවරිය සහ ජනාධිපතිවරයා හමුවීමට ද නියමිත බවයි.

අබ්දුල්ලා කලීල් මහතා ඇතුළු පිරිස 21 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.