අංක 1 වුණු මහීෂ් තීක්ෂණ .

මහීෂ් තීක්ෂණ ICC එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි පළමු තැනට

by Staff writer 19-02-2025 | 10:03 PM

COLOMBO (News 1st)- ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ICC එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබේ.

ICC නවතම එක් දින පන්දු යවන්නන්ගේශ්‍රේණිගතකිරීම්හි ලේඛනය අද (19) ප්‍රකාශයට පත් කළේ ය.

මෙතෙක් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටි මහීෂ් තීක්ෂණ පෙරමුණට පැමිණ ඇත්තේ ලකුණු 680ක් ලබා ගනිමිනි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක් දින තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ තිබේ.

ඒ අනුව මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන්ට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

මේ අතර, නවතම එක් දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්හි සුපිරි 10 දෙනා අතරට ශ්‍රී ලංකා නායක චරිත් අසලංකද ඇතුළත් වුණා.

ඒ, එහි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණෙමිනි.