.webp)
පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් ඔහු ඝාතනය කර ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.