.webp)
පොලීසිය පැවසුවේ, රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් අද(19) පෙරවරුවේ වෙඩි තැබීම කර ඇති බවයි.
ගනේමුල්ල සංජීව නැමැත්තා අද දින පැවති නඩුවකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම කර ඇත.
වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස් වලා ගනිමිනි.
ඝාතනයට යොදා ගත් ගිනි අවිය අධිකරණ භූමියේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ.
වෙඩි තැබීමෙන් අනතුරුව පළා ගිය සැකකරු සොයා මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.