.webp)
ඔහු මොහොමඩ් සම්සුදීන් මොහොමඩ් හනීෆා.
නිව්ස් ෆස්ට් පවුලේ කවුරුත් ඔහුව හැඳින්වූයේ හනීෆා අංකල් යන නමින්.
පොතින් පතින් ලද දැනුමට වඩා ජීවිතයෙන් ලද දැනුම ඔහු අපට කියාදුන් පාඩම් බොහෝයි.
වසර ගණනාවක් සිනාමුසු මුහුණින් කාර්යාලට පැමිණෙන මේ අපුරු මිනිසා සියලු දෙනාට ආචාරය පුදකළේ හෘදයාංගමවයි.
අප ආයතනයේ සියලු දෙනාට සෞඛ්‍යමත්ව සිටීමට ඔහු කළ සේවය අද වන තුරුත් මිල කළ නොහැකි බව නොරහසකි.
එක් දියණියකගේ පියෙක් වූ මොහොමඩ් හනීෆා නිව්ස් ෆස්ට් ඉහළ කළමනාකාරීත්වය ඇතුලු සියල්ලටම ප්‍රාණ සම මිනිසෙකු වූ බව, අදත් අප නිරන්තරයෙන් සිහිපත් කරන කරුණකි.
මොහොමඩ් හනීෆා මහතා හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අභාවප්ප්‍රාප්ත විය.
අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76ක්.
මොහොමඩ් හනීෆා මහතාගේ දේහය ආගමික චාරිත්‍රවලට අනුව අද (18) පස්වරුවේ මාලිගාවත්ත සුසාන භූමියේ මිහිනදන් වුවත් ඔහු දිවිගෙවූ කොළඹ 12 වේල්ල වීදියේ ජනතාව තුළත් නිව්ස් ෆස්ට් කාර්යමණ්ඩලය තුළත් ඔහු පිළිබඳ මතක සුවඳ මැකී නොයනු ඇත.