.webp)
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ, ඉදිරි දින දෙක තුළ ඇප මුදල් ආපසු ගෙවීම ආරම්භ කරන බවයි.
පළාත් පාලන ඡන්දයට අදාළව මීට පෙර භාරගත් ඇප මුදල් ආපසු අදාළ පක්ෂවලට ලබාදීමටත් භාරගත් නාමයෝජනා අවලංගු කිරීමටත් මේ වනවිට අවස්ථාව සැලසී තිබේ.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත ඊයේ (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයෙන් සම්මතවීමත් සමගයි.
ඊයේ සම්මත කළ පනත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන්කර මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකර ඇත.
පනත් කෙටුම්පත සංශෝධන සම්මත වූ බව මැතිවරණ කොමිසමටද නිල වශයෙන් දැනුම්දීමට පියවර ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, එම දැනුම් දීමෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු එම කොමිසම විසින් සිදුකරනු ඇති බවයි.