.webp)
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය.
අද පෙරවරු 10.30 ට එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැයයි.
2025 වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 4218 කි.
පසුගිය වසරට වඩා ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම, රුපියල් බිලියන 2760 කින් අඩුවී තිබීම, කැපී පෙනෙන කරුණක් වෙයි.
2024 වසරේ රජයේ වියදම් සටහන් වුණේ, රුපියල් බිලියන 6978 ක් ලෙසයි.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය, හෙට සිට 25 වැනිදා දක්වා දින 7 ක් පැවැත්වෙයි.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, 25 වැනිදා පස්වරු 6 ට පමණයි.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය, පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 දක්වා, සෙනසුරාදා දින 4 ක් ද ඇතුලුව, දින 19 ක් පැවැත්වෙයි.
විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම, මාර්තු 21 වැනිදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතයි.