නවදිල්ලි දුම්රිය ස්ථානය තෙරපුමක්,18ක් මරුට..

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ සිදුවූ තෙරපීමකින්, පුද්ගලයින් 18 දෙනෙකු මරුට..

by Staff writer 16-02-2025 | 7:33 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මිය ගිය අය අතරට ළමුන් 4 දෙනෙකු සහ කාන්තාවන් 11 දෙනෙකු ඇතුළත්.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, මහා කුම්භමේලා උත්සවයට සහභාගිවීමට නවදිල්ලි දුම්රිය ස්ථානයට පැමිණි  පිරිසකි.

ඒ, ඔවුන් එම උත්සවයට සහභාගිවීම සඳහා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් ප්‍රමාද වීම හේතුවෙන්.

සිදුවීම සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.

ඉන්දියාවේ මහා කුම්භමේලා උත්සවය මෙවර පැවැත්වෙන්නේ, වසර 144 කට පසුවයි.

දින 45 ක් පුරා ගංගා, යමුනා, සරස්වතී සහ ගෝදාවරි යන ප්‍රධාන ගංගා ආශ්‍රිතව එය පැවැත්වේ.

එම ගංගාවලින් ස්නානය කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් පව් සේදීයන බව, බැතිමතුන්ගේ විශ්වාසයයි.

දෛනිකව ඒ සඳහා එක්වන පිරිස මිලියන 400 ඉක්මවයි.