![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථය චාවකච්චේරිය තමන්කන්ලප්පු හන්දියේදී අනතුරකට ලක්ව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා සහ රියැදුරු ඇතුළු දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කළ බවයි.
මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය කළ කැබ් රථයක් එක්වරම දකුණට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය එහි ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.