අප්‍රේල් සිට රාජ්‍ය ආයතන 30ක ගෙවීම් GOVPAY ඔස්සේ

අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක ගෙවීම් GOVPAY ඔස්සේ සිදුකිරීමට අවස්ථාව - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය

by Staff writer 15-02-2025 | 6:56 PM

COLOMBO (News 1st) - තවත් රාජ්‍ය ආයතන 30ක ගෙවීම් GOVPAY ඔස්සේ සිදුකිරීමට අප්‍රේල් මාසයේ සිට පහසුකම් සලසන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ මේ වන විට රාජ්‍ය ආයතන 15ක ගෙවීම්  GOVPAY  ඔස්සේ සිදුකිරීමට පහසුකම් සලසා ඇති බවයි.

ඊයේ (14) දිනයේ පමණක් මෙම ආයතනවලට GOVPAY  එස්සේ කළ ගණුදෙනු සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මනව බවද, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙම යෙදවුම ජනතාව අතර ජනප්‍රිය වී ඇති බවයි.

තවත් රාජ්‍ය ආයතන රැසක්  GOVPAY  හරහා සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇතැයිද,  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ ය.