අඩු ආදායම්ලාභී වැඩිහිටි රු.3000 ගැන නිවේදනයක්..

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු. 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට - ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය

by Staff writer 15-02-2025 | 7:41 AM

COLOMBO (News 1st) -

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රුපියල් 3000ක දීමනාව මේ මස 20 වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, මීට පෙර එම දීමනාව සෑම මසකම 15 වැනිදා ගෙවීමට පියවර ගෙන තිබූ බවයි.

කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී නිශ්චිත දිනයක් තුළ එම දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවයට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

චතුර මිහිදුම් මහතා පවසා සිටියේ, ඒ හේතුවෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර, එම දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උපතැපැල් කාර්යාල හරහා මේ මාසයේ 20 වැනිදා සිට ගෙවීමට කටයුතු කරන බවයි.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන එම දීමනාව පසුගිය නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම අස්වැසුම ගිණුම්වලට බැර කරයි.