හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, කුරුඳු තෙල් හා සුවද විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීමේදි ගිනි නිවන භටයින් දෙදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.
කර්මාන්ත ශාලාවේ සේවකයෙකු රෝහල් ගත කර ඇත්තේ ස්වසන අපහසුතා හේතුවෙන් ය.
ඊයේ පස්වරු 4.30ට පමණ හටගත් ගින්න මැඩපවත්වා ඇත්තේ අද අලුයම 2.00 ට පමණයි.
හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 10ක් පමණ යොදා ගත් බවයි.
ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි 03කට හානි සිදුව ඇති අතර එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන් විනාශවි තිබේ.