තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.
ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර තරග ගණන 104කි.
ඉන් තරග 36ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
ඔස්ට්‍රේලියාව තරග 64ක් ජය ගත් අතර, අනෙක් තරග 4 තීරණයකින් තොරව අවසන් විය.
කෙසේ නමුත් දෙරට අතර අවසන් වරට 2022 වසරේ පැවැති එක් දින තරගාවලිය 3ට 2ක් ලෙස ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.
අද තරගය උදෑසන 10.00ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.