![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ . පොලිසිය , හමුදාව , වන ජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි.
බදුල්ල දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ E.M. L උදය කුමාර මහතා සඳහන් කළේ, සංචාරක ආකර්ෂණය දිනා ගත් ඇල්ල ගැප් නැරඹුම් ස්ථානය ආශ්‍රිතව එම ගින්න ඊයේ පස්වරුවේ හටගත් බවයි.
ගින්න මේ වනවිට රක්ෂිතයේ පහළට ව්‍යාප්ත වෙමින් ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.
දැඩි සුළං සහ පරිසරයේ වියළි බව සහ ගින්න ඇති ස්ථානයට ළඟාවීමේ දුෂ්කරතා හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට බාධා මතුව තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ඇල්ල රක්ෂිත කලාපයට ගිනි තබන්නට ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සැක පල කරයි.
මේ අතර, වියළි කාලයත් සමග රක්ෂිත ප්‍රදේශ හා වනාන්තර ගිනි තැබීමෙන් වළකින්නැයි වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ජනතාවට දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් සංවේදී පරිසර පද්ධතියක් වන මධ්‍යම කදුකරය ආශ්‍රිත පරිසරයට දැඩි බලපෑම් එල්ල වන බවයි
වසරේ මේ දක්වා කාලය තුළ රක්ෂිත ප්‍රදේශ හා වනාන්තර ගිනි තැබීම් 11ක් පමණ වාර්තා වන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
බහුලව ගිනි ඇති වන දිස්ත්‍රික්ක ලෙස බදුල්ල,මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හදුනා ගෙන තිබේ.
නිශාන්ත එදිරිසංහ මහතා පැවසුවේ, ගිනි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාතමක කරන බවයි.