![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) –මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, පසුගිය 07 වැනිදා යතුරු පැදියකින් යමින් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය ලක්වූ බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 34 හැවිරිදි යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රෙද්ශවල පදිංචි පුද්ගලයින් තුන්දෙනෙකි.
සැකකරුවන් තුන්දෙනා ,ඝාතනය සිදු කිරිමෙන් පසු පලායාමට අධාර අනුබලදීම ,නවාතැන්පහසුකම් ලබාදිම,හා කුමන්ත්‍රණය කිරීම, අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකා දමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
එක් සැකකරුවෙකුට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය පැවසුවේ ය.