ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 2ට 0ක ජයක්

by Staff writer 14-02-2025 | 6:27 PM

COLOMBO (News1st) -  ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය, 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගෙන තිබේ.

ඒ, දෙවැනි එක්දින තරගය, ලකුණු 174 කින් ජය ගනිමිනි.

එය ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගයයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 281 කි.

කුසල් මෙන්ඩිස්  5 වැනි එක් දින ශතකය අද රැස් කළේ පන්දු 113 කිනි.

චරිත් අසලංක 15 වැනි එක් දින අර්ධ ශතකය රැස් කළේ ලකුණු 78 ක් සමගයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 107 කට දැවී ගියේ ය.