විදුලි කප්පාදුව තවදුරටත් සිදු වෙයි ද?

විදුලි කප්පාදුව තවදුරටත් සිදු වෙයි ද?

by Staff writer 13-02-2025 | 6:09 AM

COLOMBO (News 1st) - විදුලි කප්පාදුව තවදුරටත් සිදු කරනවා ද යන්න පිළිබඳ තීරණය අද(13) පෙරවරුවේ නිකුත් කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ජනතාවට පීඩාවක් නොවන පරිදි විදුලි කප්පාදුව කළමනාකරණයට පියවර ගන්නා බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුන මෙතෙක් යථා තත්ත්වයට පත්කර නැත.

ඉන්, ජාතික පද්ධතියට එක්වන විදුලි ධාරිතාව මෙගාවොට් 900 කි.

ජල විදුලි උත්පාදනය, මේ වනවිට පවතින්නේ, 30% ක මට්ටමේය.

පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම ලබාදීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.