රාජ්‍ය ආයතන වෙනුවෙන් භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

රාජ්‍ය ආයතන වෙනුවෙන් භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

by Staff writer 13-02-2025 | 6:41 AM

COLOMBO (News 1st) - මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස් වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියෙහි අරමුණ බවයි.

ඒ අනුව මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු මෙරට ප්‍රධාන භාෂා හොඳින් හසුරුවන පිරිස් මූලික කරගනිමින් අදාළ සංචිතය සකස් කිරීම අරඹනු ඇති.