![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ ආරාධනයකට අනුවයි.
එහිදී ඉන්දීය අග්රාමාත්යවරයා, අමෙරිකානු ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, ඩොනල්ඩ් ට්රම්ප් පැය කිහිපයකට පෙර තීරුබදු පිළිබඳ නව විධායක නියෝගයකට ද අත්සන් කර ඇති පසුබිකයි.
එම නියෝගයට අනුව වෙනත් රටවල් අමෙරිකානු භාණ්ඩවලට පනවා ඇති තීරු බදු හා සමානවම, එම රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවේ.
ඒ හරහා ඉන්දියාව වැනි සංවර්ධනය වන ආර්ථිකයන්ට බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් ප්රකාශ කළේ ය.
පසුගිය ජනවාරි 20 වැනි දා ජනපති ධුරයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්රම්ප් හමුවන හතරවන ලෝක නායකයා වන්නේ ඉන්දීය අග්රාමාත්යවරයායි වීම විශේෂත්වයකි.