![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
අමෙරිකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට ජනපති ට්‍රම්ප් පත් කල ඩජ් ආයතනයේ ප්‍රධානියා වන්නේද එලොන් මස්ක් ය.
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යුඑස්ඒඩ් ආයතනය විසුරුවා හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළා.
ඊයේ අමෙරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඊලොන් මස්ක් සිය පුත්‍රයා වන එක්ස් සමග මාධ්‍ය හමුවකට සහභාගි වු අතර ඊට අමෙරිකානු ජනාධීපති ඩොනල්ට් ට්‍රම්ප් එක්ව සිටියේ ය.
මාධ්‍යවේදියා
ඔබ කොහොමද දකින්නේ USAID? ඒක වටිනා දෙයක්ද?
ඊලොන් මස්ක් - ප්‍රධානී
අමෙරිකාවේ ඩජ් ආයතනය
''මම හිතන්නේ USAID එකෙන් සමහර වටින ව්‍යාපෘති කරලා තියනවා.
නමුත් සමස්තයක් විදිහට ගත්තම ඒක ඒ තරම් හොද නැහැ. USAID එකෙන් ගොඩක් කරලා තියෙන්නේ විවිධ රටවල් වල මැතිවරණ වලට බලපෑම් කරන එක. මම හිතන්නේ ඒකේ කටයුතු සැක සහිතයි වගේම රහසිගතයි''
ඩොනල්ඩ් ට්‍රම්ප් - අමෙරිකානු ජනාධිපති''රට වෙනුවෙන්, මෙම කාර්ය භාරව ඉන්න පුද්ගලයා තමයි මට මේවා වාර්තා කරන්නේ. USAID එක. ඒක ඇත්තටම දූෂිතයි. අමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීමට තමයි අපි පත් වුණේ. ඒ නිසා මේක දූෂිතයි කියලා අපි පිළිගන්න ඕනේ''
මේ අතර, ස්ලෝවැකියාවේ රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන සහ විශේෂිත මාධ්‍යවේදීන්ට USAID ආයතනය විසින් ලබා දී ඇති සහනාධාර සහ ප්‍රදාන ගැන පැමිණිලි කරමින් ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆීකෝ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, "USAID හි මූල්‍ය සම්පත් ස්ලෝවැකියාවේ දේශපාලන ක්‍රමය විකෘති කිරීමේ සහ ඇතැම් දේශපාලන පක්ෂවලට අනුග්‍රහ කිරීමේ අරමුණින් භාවිතා කර ඇති බවයි.