පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි 260ක් මුදාගැනේ

මියන්මාරයේ පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 260 ක් මුදා ගැනේ..

by Staff writer 12-02-2025 | 10:55 PM

COLOMBO (News 1st) -

මියන්මාරයේ පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 260 කු ඔවුන්ගෙන් මුදා ගැනීම එරට හමුදාවට අද හැකි විය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ ඔවුන් තායිලන්ත බලධාරීන් වෙත භාර දී ඇති බවයි.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ මැදහත්වීමෙන් පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතියි.

මීට පෙර අවස්ථා තුනකදී එවැනි පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මුදා ගනු ලැබුවේ ය.