නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

by Staff writer 12-02-2025 | 6:02 AM

COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පොහොය අදට(12) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පිංකම් සංවිධාන කර ඇත්තේ, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.

නවම් පොහෝ දා සිරසා නමාමි වැඩසටහන් අද දිනය පුරා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ඒ, සිරස TV හා සිරස FM සමගාමී‍ විකාශයක් ලෙසිනි.

ගම්මැද්ද දම්සවිය නවම් පොහෝදා වැඩසටහන් අද දිනය පුරා නාඋල පිළිහුඩුගොල්ල පුරාණ විහාරයේදී පැවැත් වේ.