![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් හෙට (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් හතරදෙනාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.
මේ අතර, මියගිය 24 හැවිරිදි ආර්.එම්. සමිත දිල්ෂාන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පානදුර රෝහලේදී සිදු කෙරුණු අතර, එහිදි අනාවරණ වී ඇත්තේ ඔහු පහරදීමකට ලක්ව ඇති බවයි.
ඔහු එක්දරු පියෙකි.
මියගිය සමිත දිල්ෂාන්ගේ බිරිඳ පවසන්නේ, වාද්දුව පොලිසිය පැය කිහිපයක් සිය සැමියා රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැරි බවයි.
ඉන් පසු ඔහු නිවසට පැමිණ රාත්‍රි කාලයේ ලේ වමනය කිරීමෙන් පසු රෝහල් ගත කළ බව ඇය ප්‍රකාශ කළා ය.
මේ අතර, අදාළ සිදුවීම මුල්කර ගනිමින්, ඊයේ රාත්‍රීයේ වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්විය.
මියගිය සමිත දිල්ෂාන්ට සාධාරණයක් ඉල්ලමින්, ප්‍රදේශවාසින් පොලිසිය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය