![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, හෙට දින විදුලිය ඉල්ලුම සම්බන්ධයෙන් කළ සමාලෝචනයෙන් පසු එම තීරණය ගත් බවයි.
මේ අතර සැලසුම් කල පරිදි අද(11) දිනයේ පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිත වී ඇති අතර
ඒ අනුව, සෑම කලාපයකම පැය 01 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මෙහිදී A B C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදු වේ.
E F G H U සහ V කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන්නේ පසුවරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළයි.
I J K L P සහ Q යන කලාපවලට පස්වරු 6.30 ත් 8.30 ත් අතර කාලය තුළ පැය එක හමාරක් විදුලිය විසන්ධි කර තැබේ.
R S T සහ W කලාපවලට පස්වරු 8.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවේ.