නායයෑමෙන් අවතැන් වූවන්ට නව නිවාස..

නායයෑම් හමුවේ අවතැන් කඳවුරුවල සිටින පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම ලබන මස මුල් සතියේ සිට....

by Staff writer 11-02-2025 | 10:28 AM

COLOMBO (News1st) - නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්ව අවතැන් කඳවුරුවල වෙසෙන පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම ලබන මස මුල් සතියේ සිට ආරම්භ කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51ක පුද්ගලයින් අවතැන් කඳවුරුවල රඳවා සිටින බවය.

ඔවුන් සඳහා නව නිවාස ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාව විසින් භාරගෙන තිබේ.