![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ, එරට ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනූවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේ ය.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඩුබායිහි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
මේ සමුළුවට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී විවිධ මාතෘකා කෙරෙහි ගෝලීය සංවාදයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීම සමුළුවේ අරමුණ වෙයි.
ඊට එක්වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හමුවීම ද, ජනාධිපතිවරයාගේ සංචාරයේ ප්රමුඛ අංගයකි.
එම සාකච්ඡා පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාවට නව ආයෝජන අවස්ථා උදාකර ගැනීමේ අරමුණින් ය .
එක්සත් අරාබි එමීර් ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ද, ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටී.
සංචාරය අවසන් කරමින්, ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන්නේ ලබන 13 වැනිදායි.
මේ අතර , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවේ ය.