'ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා' සමුළුව කොළඹදී

දැවැන්ත ජාත්‍යන්තර නවෝත්පාදන සමුළුවක් පෙබරවාරි මාසයේ කොළඹදී...

by Staff writer 10-02-2025 | 6:11 PM

COLOMBO (News 1st) - ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් තවත් දින කිහිපයකින් කොළඹදී පැවැත්වේ.

ඒ,  ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුවයි.

සමුළුව පැවැත්වෙන්නේ පෙබරවාරි 20 සහ 21 දිනවලදී යි.

ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කෙරේ.

ඒ සඳහා රටවල් 50 ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ විශේෂඥයින් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මේ තුළින් ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයා ගැනීම් මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙනු ඇති.

එම රටවල ආර්ථිකයේ අනාගත දියුණුව වෙනුවෙන් සංවර්ධනයේ අලුත් විසඳුම් සොයබැලීමටද මෙහිදී  අවධානය යොමු වේ.