![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
පොලීසිය සඳහන් කළේ, පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
මාදුරුඔය සිට කොළඹ දක්වා සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් ගැටීමෙන් අද උදෑසන අනතුර සිදුවිය.
ඉන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබුවේ ය.
කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කළ බස් රථය, තෝරයායේ නතර කර තිබියදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය එහි පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.
මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවකි.