උඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක්..

උඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක්..

by Staff writer 10-02-2025 | 6:24 AM

COLOMBO (News 1st) -උඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක් එක්වෙයි.

එය නම් කර ඇත්තේ, ඇල්ල ඔඩිසි - නානුඔය ලෙසයි.

එය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙයි.

නානුඔයෙන් උදෑසන 8.10 ට ගමන් ආරම්භ කරන දුම්රිය, බදුල්ලට ළඟා වන්නේ, පෙරවරු 11.36 ට පමණයි.

එම දුම්රිය සඳුදා දිනවල හැර සෙසු සියලු දිනවල බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්වන දුම්රිය, පස්වරු 5.17 ට නානුඔයට ළඟාවෙයි.

ඉදිරියේදී ඉල්ලුම පරිදි දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගන්නා බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.