![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන් දින නිල සංචාරය හේතුවෙනි.
ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පත්කර කර තිබේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාත් පත් කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එක්සත් අරාබි එමීර් හි සංචාරයට එක්ව සිටින අමාත්‍ය විජිත හේරත් මහතා වෙනුවට එම ධුරයේ වැඩ බැලීමට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත්කර තිබේ.