මාධ්‍යවේදී අනුරුද්ධ රත්නායකගේ දේහය තඹුත්තේගමට..

News 1st සහෘද මාධ්‍යවේදී අනුරුද්ධ රත්නායකගේ දේහය කොළඹ සිට උපන්ගම වූ තඹුත්තේගමට..

by Staff writer 09-02-2025 | 9:22 PM

COLOMBO (News 1st) -නිවුස්ෆස්ට් මාධ්‍යවේදී අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්නායක මහතාගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ තඹුත්තේතේගම, පොතියගම පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.

මාධ්‍යවේදී අනුරුද්ධ රත්නායක මහතාගේ දේහය ඊයේ රාත්‍රී 7 සිට 10 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණි.  

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන් හිත මිත්‍රාදීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියේ ය.

රාත්‍රී 10න් පසුව, දේහය රැගෙන ගියේ ඔහුගේ උපන්ගම වන අනුරාධපුර තඹුත්තේගමටයි.

දශක දෙකකට ආසන්න කාලයක්, නිවුස්ෆස්ට් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අනුරුද්ධ රත්නායක මහතා පසුගියදා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 42 කි.

MIM හෙවත් මහරාජා මාධ්‍ය ඇකඩමියේ වැඩසටහන් නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඔහු සිරස මාධ්‍ය ජාලය තුළින් නව පරපුරේ දක්ෂයින් රැසක් රටට හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ය.

වාර්තාකරුවාගේ භූමිකාවේ සිට ප්‍රවෘත්ති සංස්කාරකවරයා දක්වා වූ ගමන් මග තුළ ඔහු ගම්මැද්ද, සහන යාත්‍රා, V force, දවස, ඇතුළු විවිධ වැඩසටහන්වලටද සම්බන්ධ විය.