![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනයකට අනුවයි.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ , ජනාධිපතිතුමා හෙට සිට ලබන 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන බවයි.
එහිදී ඔහු ඩුබායි නුවර පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතන අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.
ජනාධිපතිතුමා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා හමුවීමට ද නියමිතයි.
මේ අතර, සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමගද ජනාධිපතිතුමා සාකච්ඡා කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ය.