සුන්දර වෙරළක් වෙනුවෙන් අද අලුත් ඇරඹුමක්...

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ..

by Staff writer 09-02-2025 | 7:12 AM

COLOMBO (News 1st) - ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි.

වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, "සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක  ගමනාන්තයක්" යන තේමාවෙන්.

ශ්‍රී ලංකාව වටා වෙරළ කලාප පවතින දිස්ත්‍රික්ක සංඛ්‍යාව, 14 කි.

එම සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, දීර්ඝ කාලීන සැලසුමකට අනුවයි.