![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, අලි වැට සඳහා අවශ්‍ය ලී කණු සහ කම්බි හිඟයක් පවතින බවයි.
මේ වන විට පවතින කම්බි සහ ලී කණු භාවිතයෙන්, හානිවූ අලි වැට නවීකරණය ආරම්භ කර ඇතැයි, ඔහු සඳහන් කළේ ය.
ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම, රජයේ සැලසුමයි.
ඒ අනුව ඉදිරියේදී අලි වැට නවීකරණය සඳහා අලුතින් බඳවා ගත් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් යොදා ගන්නා බව, අමත්‍යවරයා සඳහන් කළේ ය.